කර්මාණුරූපීව හටගන්නා දරු උපත්

කර්මාණුරූපීව හටගන්නා දරු උපත්

දරුවෙක් උපදින්නට නම් මවක් හා පියෙක් යන දෙදෙනෙකුගේ එක්වීමක් තිබිය යුතුය. එසේ උවත් දරුවෙක් වැදු පමණින්ම මවක් හෝ පියෙක් වීමටද නොහැකිය. යමෙක් ඇසුවොත් දෙමාපිය යුවලකට දාව දරුවෙකු උපදින්නේ කෙසේදැයි ඔබට දීමට ඇත්තේ සරල උත්තරයක් විය හැක. එහෙත් එය විද්‍යාත්මකව මවගේ ඩිම්බයට පුරුෂ ශුක්‍රාණුවක් ඇතුලත් වීම නිසා සිදුවන භෞතිකව ශරිරය නිර්මාණය වන ආකාරයයි. එලෙස එක් වූ පමණමකින්ම දරුවෙකු බිහිවේද? ඔබ එසේ ඔව් කියනවනම් ඇයි බොහෝ දෙමාපියන් දරුවන් නොමැතිකමින් දුක් විදින්නේ. ඔබ අප් නොදත් ???? නේද?

එසේ ඉපදුනත් ඇයි ඇතම් උප්පත්තීන් සර්ව සම්පූර්ණ නොවන්නේ. එසේ නම් එයට බද්ධවන තවත් බාහිර දෙයක් තිබෙන්නනට පුළුවන් නේද? එසේ නම් ඒ බාහිර ශක්තිය (ආත්මය/විඥාණයා එම දෙමාපියන්වම සොයා ගන්නේ කුමණ පදනමක් මතදැයි කියා කිසිවෙකුට වැටහීමක් නැත .

යම් දරුවන් නිසා දෙමාපියන් සතුටින්ද තවත් පිරිසක් පිඩාවෙන්ද කාලය ගත කරති. තවත් පිරිසක් දරුවන්ව ජීවිත කාලයම පෝෂණය කරනු ලබන අතර තවත් පිරිසක් දරුවන්ගෙන් පෝෂණය වෙති. තවත් පිරිසක් දරුවා විවාහ කරදී අතහැර දමන අතර තවත් පිරිසක් දරුවන්ගේ දරුවන්ද රුකබලා ගනිමින් තම ශ‍්‍රමය උපරිමයෙන්ම දරුවන් වෙනුවෙන් වැයකරති. තවත් පිරිසක් දරුවන්ගෙන් අනේක වද බන්ධනයන් විදිද්දී තවත් පිරිසක් දරුවන් වෙතින් සැප සම්පත් ලබති. දෙමාපියන් නිසා අනන්තවත් පිඩා විදින දරුවෝද සැප සම්පත් උරුම වන දරුවෝද සිටිති.

මේ විෂමාකාර දෙමාපිය දරු සබදතාවය සකස් වන්නේ කෙසේද ?

සමාජය දෙස හොදින් බැලූවහොත් සෑම දරුවෙක්ම එක සමාන නොවන බව වටහා ගන්නට ඉහතින් මා දැක්වු සබදතා ස්වභාවයන් පිලිබදව ගැඹුරින් සිතා බැලූවහොත් ඔබට හැකිවනු ඇත . යම් ආත්මයක් දරුවෙකු ලෙස උපදින්නට දෙමාපිය යුවලක් තෝරාගැනීම උදෙසා හේතු වන්නේ කර්මාණුකුල ණය නම් සාධකයකි.

කර්මාණුකූල ණය යනු කුමක්ද ?

අප යම් භවයක් තුළ සිදුකරනු ලබන ක‍්‍රීයාවන් සැමවිටම යම් යම් පුද්ගල චරිත හා බැදී පවතී. එ බැදීම් වල ගැඹුර මත ඔහුන් ඔබට ඇති ණය හා ඔබ ඔහුනට ඇති ණය තීරණය වේ. ණය යන වචනය කියු සැණින් ඔබට සිහියට නැගෙනුයේ මුල්‍ය සාධකයකි. එහෙත් මෙය මුල්‍ය සාධකයක්ම විය යුතු නැත . එය ක‍්‍රීයාමය හෝ මානසිකමය සාධකයක්ද වෙයි.

මෙසේ ඇතිවන ක‍්‍රීයාමය මානසිකමය හෝ මුල්‍යමය ණය එම භවය තුළ පෙරලා ඔබට ගෙවීමට නොහැකිවුවහොත් ඊලග භවයේදී ඔබට එය ගෙවීමට සිදුවෙයි. එ උදෙසා අදාල පුද්ගල චරිත හා සමාන්තරව ඔබේ උත්පත්තිය තීරණය වීම සිදුවෙයි. කර්මාණුරූපී ණය යනුවෙන් හදුන්වන්නේ මෙයයි.

මේ පසුබිම තුළ දෙමාපියෙකුට දාව දරුවෙකු ඉපදීමට හේතුවන කර්මාණුරූපී ණය තුන් ආකාර වෙයි.

1. දෙමාපියන් දරුවාට ඇති කර්මාණුරූපී ණය

2. දරුවන් දෙමාපියන්ට ඇති කර්මාණුරූපී ණය

3. දෙපාර්ෂය විසින්ම එකිනෙකා උදෙසා ඇති ණය

මෙසේ තුන් ආකාර වු කර්මාණුරූපී ණය පිළබදව ගැඹුරින් සිතාබලන විට මුලින්ම සදහන් කල සමාජය තුළ ඇති විවිධා කාර දෙමාපිය දු දරු සබදතා බිහිවන ආකාරය ඔබටම සිතා ගැනීමට හැකි වනු ඇත .

මේසේ දෙමාපිය දු දරු සබදතාවයන් පමණක් නොව සෑම ප‍්‍රධාන වු සබදතාවයක්ම (විවාහය සහෝදර ගුරු ශිෂ්‍ය බිහිවීමට) මෙම කර්මාණුරූපි ණය නම් සාධකය හේතු වෙයි.

දෙමාපියන්ට දාව දරුවෙකු ඉපදීමේදි එම දරුවාගේ ආධ්‍යාත්මිකත්වය උත්පත්තියට යම් හේතු සාධකයක් සපයනු ලබනවා. තමන් උපදින පවුලේ ආධ්‍යාත්මික මට්ටම තීරණය වනුයේ එ හරහාය. නමුත් ණය යන සාධකයට එමගින් බලපෑමක් ඇති නොකරනු ලබයි.

දෙමාපිය දුදරු සබදතාව තුළ දෙමාපියන්ගේ කර්මයන් දරුවන්ටද දරුවන්ගේ කර්මයන් දෙමාපියන්ටද බලපානු ලබයිද කියා බොහෝ අයට ගැටලූවක් පවතී. සරලවම කියතහොත් එවැන්නක් සිදු නොවෙයි. තම තමන්ගේ උත්පත්තිය තීරණය වනුයේ තම තමන්ගේ කර්ම සාධකයන් හා කර්මාණුරූපී ණය මත මිස අන් අයගේ කර්ම සාධකයන් මත නොවෙයි. එසේ උවත් කර්මාණුරූපී ණය යන සාධකය මතින් එකිනෙකා බැදී පවතී.

දෙමාපියන්ගේ කර්මයන් මරණයෙන් මතු ලබන උත්පත්තියකට දරුවන් උදෙසා බල නොපෑවද එම භවය උදෙසා බලපෑම් ඇති කරනු ලබයි. සරල කරුණක් ලෙසින් සිතුවහොත් තම පියා නිවස උගස්කර තිබියදී මිය ගියහොත් එහි විපාක ගෙවීමට දරුවන්ට සිදුවෙයි.

සබදතා පවත්වාගෙන යෑම ඉතා කල්පණාකාරිව සිදුකල යුත්තේය. මක්නිසාද යත් එ තුළ අප ණය වන්නෙක්ද නැතහොත් අපට ණය වන පුද්ගලයන්ද යන දෙකම ඇති නොකර ගත යුතුය. අපහසුම කරුණ වනුයේ සමාජය තුළ මෙන්ම සබදතා තුළ මේ මැදිහත් බව පවත්වාගෙන යෑමයි.

මාහට ලද e-mail පණිවිඩයක් මගින් සකස් කරන ලදි. මෙවැනි දේ ඔබ සතුව පවතීනම් අපගෙ info@howmybody.com ලිපිණයට යොමු කරන්න

Leave a Reply