ලිංගිකව සම්ප්‍රේෂණය වන human papillomavirus – HPV වෛරසය පිළිබඳව ඔබ දන්නවාද?

ලිංගිකව සම්ප්‍රේෂණය වන human papillomavirus – HPV වෛරසය පිළිබඳව ඔබ දන්නවාද?

human papillomavirus – HPV ආසාදනය යනු සම හෝ ශ්ලේෂ්මල පටල වර්ධනයට හේතු වන වෛරස් ආසාදනයකි. human papillomavirus – HPV ප්‍රභේද 100 කට වඩා හඳුනාගෙන ඇත. සමහර වර්ගයේ HPV ආසාදන සමේ ඉන්නන් ඇති කරන අතර සමහර HPV ආසාදන විවිධ වර්ගයේ මිනිස් පිළිකා ඇති කරයි.

human papillomavirus – HPV බොහෝමයක් පිළිකා කාරක නොවන නමුත් සමහර ලිංගික ක්‍රියා නිස ඇතිවන HPV පිළිකා කාරක වේ. යෝනි මාර්ගය සම්බන්ධ වන ගර්භාෂයේ පහළ කොටසෙහි, ගුදය, ශිෂේණය, යෝනි විවරයේ මතුපිට, සහ උගුරේ (මුඛය) පිටුපසට . HPV වෛරසය ආසාදනය ඇති කරයි

මෙම ආසාදන ලිංගිකව හෝ එක් පුද්ගලයෙකුගේ සමක් වෙනත් පුද්ගලයෙකුගේ සමක් සමග ස්පර්ෂ වීම හරහා සම්ප්‍රේෂණය වේ. කෙසේ වෙතත් මෙය HIV වෛරසය මෙන් නොව එන්නත මඟින් ලිංගික ඉන්නන් හෝ ගැබ්ගෙල පිළිකා ඇතිවීමට බලපාන HPV වෛරසයෙන් ආරක්ෂා වීමට උපකාරී වේ.

රෝග ව්‍යාප්තිය සිදුවන ආකාර

1 ලිංගික සහකරුවන් සංඛ්යාව

ඔබ වැඩි ලිංගික සහකරුවන් සමඟ ලිංගිකව හැසිරෙන්නේ නම්, ඔබට ලිංගිකව HPV ආසාදනය වීමේ වැඩි අවස්ථාවක් ඇත. ඔබේ සහකරුට මීට පෙර බහු ලිංගික සහකරුවන් සමග ලිංගික සම්බන්දතා පවත්වා තිබේනම් සහ ඔහු දැනටමත් ආසාදනය වී ඇත්නම් ඔබට වැලදීමේ අවදානම වැඩි කරයි.

2 වයස

පොදු ඉන්නන් සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ ළමුන් තුළය . ලිංගික ඉන්නන් බොහෝ විට දක්නට ලැබෙන්නේ නව යොවුන් වියේ සහ තරුණ වැඩිහිටියන් තුළය.

3 ප්‍රතිශක්තිකරණ පද්ධතිය
දුර්වල වීම

ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කළ අයෙකුට Hඵ්V ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් තිබේ නම්. HIV / ඒඩ්ස් මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම නිසා හෝ ශරීරයේ අවයව බද්ධ කිරීමෙන් පසු භාවිතා කරන ඩෘග්ස් ෂධ මර්දනය කරන ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කළ හැකිය.

4 පුද්ගලික සම්බන්ධතා මගින්

HIV වලට නිරාවරණය වී ඇති පුද්ගලයන්ගේ ඉන්නන් ස්පර්ශ කර ගැනීමට පෙර ශල්‍ය අත්වැසුම් පැළඳ නොසිටීම නිසා.

HPV වෛරසයෙන් ආරක්ෂා විය හැකි ආකාරය

1 – පොදු ඉන්නන් (Common warts)

HPV ආසාදනය වීමෙන් ඇති කරන පොදු ඉන්නන් වැලැක්වීම ඉතා අපහසුය. දැනටමත් ආසාදනය වී ඇති ඉන්නන් කැඩීම හෝ සැපීම නොකිරීමෙන් ඔබට නව ඉන්නන් දක්වා ආසාදනය පැතිරීම වළක්වා ගත හැකිය.

2 – ප්ලැන්ටා ඉන්නන් (Plantar Warts)

HPV ආසාදනය නිසා ඇතිවෙන මෙම ඉන්නන්ගේ අවදානම අවම කිරීම සඳහා, පොදු තටාකවල ස්නානය කිරීමෙන් සහ කාමරවල සපත්තු හෝ සෙරෙප්පු පැළදීම සිදුකල හැක.

3 – ලිංගික ඉන්නන් ( Genital Warts)

ලිංගික ඉන්නන් සහ HPV ආශ්‍රිත වෙනත් ලිංගික තුවාල ඇතිවීමේ අවදානම අඩු කිරීම සඳහා,

එක් ලිංගික සහකරුවෙකු සමග පමණක් ලිංගික සම්බන්ධතාවයක තබා ගැනීමෙන් හා,
කොන්ඩම් භාවිතා කිරීමෙන් Hඵ්V සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩු කර ගත හැකිය

4 – HPV එන්නත් කිරීම මගින්

වෛද්‍යවරයකු හමුවී HPV එන්නත ඉල්ලා සිටින්න.
ප්‍රමාණවත් ලෙස එන්නත් ලබා නොගත් වයස අවුරුදු 26 ට වැඩි සියලුම පුද්ගලයින් සඳහා HPV එන්නත ලබා දීමට CDC නිර්දේශ කරයි.

Leave a Reply